හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් නික්ම ගොස් තිබෙනවා.
ඒ දේශපාලනඥයින් ඇතුළු පුද්ගලයින් කිහිපදෙනෙකුට ජනාධිපති අරමුදලෙන් අරමුදල් සැපයීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණි.
ඒ අනුව පැය කිහිපයක ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් නික්ම ගොස් තිබෙනවා.
(rednewsalert.lk)