ඇතිමලේ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (01) පර්චස් 44ක, පර්චස් 39ක සහ පර්චස් 37ක පමණ වගා කර තිබූ ගංජා හේන් 03ක ගංජා ගස් 4299ක් සමඟ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඇතිමලේ පොලිස් වසමේ කොටියාගල ප්‍රදේශයේදීයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 42, 43 සහ 49 වයස්වල පසුවන කොටියාගල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධව ඇතිමලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *