ගෝනගංආර පොලිස් වසමේ යාල රක්ෂිත කළාප අංක 4 ප්‍රදේශයේදී ගංජා හේනක් වටලා සැකකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ විශේෂ කාර්ය බලකා බුත්තල කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත සිදු කල වැටලීමකදීයි.

අක්කර දෙකක පමණ වගාකර තිබූ මෙම ගංජා හේනේ ගංජා ගස් 123000ක පමණ ප්‍රමාණයක් ගලවා විනාශ කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 30ත් 47ත් අතර වයස්වල පසුවන වන ඔක්කම්පිටිය සහ මීගම ප්‍රදේශවල පදිංචිකරුවන්.

සිද්ධිය සම්බන්ධයෙන් ගෝනගංආර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන බව සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *