විකිණීමට සූදානම් කර තිබූ ග්‍රෑම් 8යි මිලිග්‍රෑම් 300ක් වූ ගජමුතුවක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් කටුනායක පොලිස් වසමේ ඇවරියවත්ත නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඊයේ (27) කටුනායක පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත සිදු කළ වැටලීමකට අනුවයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 38ක් සහ43ක් වන නිල්ලම සහ කුරුණෑගල ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *