මෙවර පළාත් පාලන මැතිවරණයේ මාතලේ දිස්ත්රික්කයෙන් ගලේවෙල ප්රාදේශීය සභාවට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබාගෙන සිටින ජර්මන් කාන්තාවක් අපේක්ෂිකාවක් ලෙස ඉදිරිපත් වීමට ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.
මාරියා බෙනන්සා නැමැති ඇය ස්වාධීන කණ්ඩායම් අපේක්ෂිකාවක ලෙස තරග වැදීමට නියමිතයි.
එමෙන්ම ඇය මාතලේ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරයා වෙත අද (20) නාම යෝජනා භාරදීමට නියමිතව තිබෙනවා.
ශ්‍රී ලංකාවේ වෙනසක් කිරීමේ අපේක්ෂාවෙන් තමන් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන බව ඇය මේ සම්බන්ධයෙන් පවසා ඇති අතර මෙරට පුරවැසිභාවය හිමි විදේශික කාන්තාවක් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන පළමු අවස්ථාව මෙය බවයි වාර්තා වන්නේ.