ඇතැම් ගුවන් සමාගම් රජයට නොගෙවූ බදු මුදල් අයකර ගැනීමට පියවර ගන්නා බව ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.
ඔහු ඒ බව සඳහන් කළේ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින්.
ගුවන් සමාගම් විසින් රජයට නොගෙවූ බදු මුදල් ලබා ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.