ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් අද (15) දිවයිනට පැමිණ තිබෙනවා.

ඒ දෙදින නිල සංචාරයක් සඳහායි.

සාර්ව ආර්ථික ඵලදායිදාව ළගාකර ගැනීම, ණය ප්‍රතිව්‍යූහගතකරණය සහ පාලනය සම්බන්ධයෙන් ශ්‍රි ලංකාව ලද අත්දැකීම් සහ ඉදිරි අභියෝග පිළිබඳව මෙම සමුලුවේදී සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ 2005 වර්ෂයෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සේවය කරන පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂවරයෙක් මෙරට සංචාරය කරන පළමු අවස්ථාව මෙය බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *