පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන්ගෙන් අඩකට ආසන්න සංඛ්‍යාවක් තවමත් වියදම් වාර්තා ඉදිරිපත් කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එම කොමිසම සඳහන් කළේ මැතිවරණ වියදම් වාර්තා භාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට, දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලට එරෙහිව නඩු පවරන බවයි.

මැතිවරණ වියදම් නියාමන පනත අනුව මැතිවරණය අවසන් වී දින 21ක් ඇතුළත සියලු වියදම් වාර්තා මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරිපත් කළ යුතු වනවා.

ඒ අනුව දෙසැම්බර් 6 වනදාට පෙර එම වියදම් වාර්තා මැතිවරණ කොමිෂන් සභාව වෙත භාර දිය යුතුයි.

පසුගිය මහ මැතිවරණයට පිළිගත් දේශපාලන පක්ෂවලින් සහ ස්වාධීන කණ්ඩායම්වලින් 8,888ක් ඉදිරිපත් වූ අපේක්ෂකයන් සංඛ්‍යාව 8,888ක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *