වතු සේවක අවම දෛනික වැටුප රුපියල් 1,500ක් සහ අමතර දළු කිලෝවක් සඳහා රුපියල් 50ක දීමනාවක්ද ලබා දීමට එකඟතාවයකට පැමිණි බව කම්කරු රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් පවසනවා.

ඒ අද (10) පැවති පඩි පාලක සභාවේ සාකච්ඡාවකකින් අනතුරුව මෙම එකඟතාවයට පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම සාකච්ඡාව සඳහා වතු හාම්පුතුන් මෙන්ම වෘත්තීය සමිති ද එක් වී තිබෙනවා.

කම්කරු කොමසාරිස්වරයා එම තීරණය අද (10) සිට ක්‍රියාත්මක කිරීමට අදාළව ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *