රාජ්‍ය සේවකයන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීමට කඩිනමින් පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.
අමාත්‍ය චන්දන අබේරත්න සඳහන් කළේ ඒ සඳහා මේ වන විටත් මූලික අධ්‍යයනයන් ආරම්භ කර ඇති බවයි.
වෘත්තීය සමිති ඉල්ලීම් සහ ඇතැම් රජයන් විසින් ගත් විවිධ තීරණ මටහ රාජ්‍ය සේවකයන්ගේ එක් එක් ශ්‍රේණි අතර දැඩි වැටුප් විෂමතාවක් නිර්මාණය වී තිබෙනවා.
ඒ අනුව රාජ්‍ය සේවකයන්ට අසාධාරණයක් නොවන පරිදි වැටුප් විශමතා ඉවත් කිරීම දැඩි සංකීර්ණ තත්ත්වයක් බවත් මෙම ගැටලුව විසඳීම සඳහා මුදල් අමාත්‍යංශය සමඟ සාකච්ඡා පවත්වා තිබෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.