ජාතික සමඟිය, සංහිඳියාව සහ වගවීම පිළබඳව නව රජය ගෙන යන ප්‍රතිපත්ති සාමය අගයන ජනතාව දිරි ගන්වන වන සුළු බව එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිත මාර්ක් ඇන්ඩෲ ප්‍රකාශ කළා.
ඒ ඔහු පසුගියදා විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් හමුවූ අවස්ථාවේදීයි.
ඉදිරියේදී ඒ සම්බන්ධ සියලු කටයුතුවලදී රජය නොපැකිලිව ගන්නා ක්‍රියාමාර්ග සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සූදානම් බවද ඔහු එහිද සඳහන් කළා.
එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ශ්‍රී ලංකාව අතර පවතින සබඳතා ඉතා යහපත් ආකාරයෙන් පවතින බවත් ඉදිරි කාලයේ දී ඉතා මිත්‍රශීලී සහ ඵලදායී ආකාරයෙන් නව රජයේ ප්‍රතිපත්ති සමඟ කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ඔහු කියා සිටියා.