ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින ගැටුම හේතුවෙන් ඉදිරියේදී ඇති විය හැකි ඉන්ධන හිඟයක් පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන වාර්තා විශ්වාස නොකරන ලෙස කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ අද (17) පස්වරුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින්.
මාස දෙකහමාරකට අවශ්‍ය ඉන්ධ තොග රට තුළ පවතින බවත් ඉදිරි දින කිහිපයේ තවත් ඉන්ධන තොග මෙරටට පැමිණීමට නියමිත වන බවත් එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළා.