ගාල්ල ප්‍රදේශයේ අවන්හලකට ආහාර මිලදී ගැනීමට පැමිණි පාරිභෝගිකයෙකුට පහරදුන් සැකකරුවන් 11දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ ලද පැමිණිල්ලකට අනුව කළ විමර්ශනවලින් පසු අදාල සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 28වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකල බවයි.

අදාල පාරිභෝගිකයා ආහාර ගැනීම සඳහා අවන්හලට පැමිණි අවස්ථාවේදී එහි සේවකයින් පිරිසක් පහරදුන් බවට පොලිසියට පැමිණිලි කර තිබුණා.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *