ඇමරිකානු තීරු බදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙරට නියෝජිතයින් පිරිසක් එළැඹෙන 18 වනදා ඇමරිකාව බලා පිටත්ව යාමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ අද (15) කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ ඇමරිකාව සමඟ සාකච්ඡා අඛණ්ඩව සිදු කරන බවත් අගෝස්තු 01වනදාට පෙර මෙරටට පැනවූ බදු අඩු කර ගැනීමට උත්සහ කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *