වැඩබලන අභියාචනාධිකරණ සභාපති විනිසුරු ලෙස මෙම අධිකරණයේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයා වන විනිසුරු මොහොමඩ් ලෆාර් තාහිර් පත් කර තිබෙනවා.

ඒ අනුව ඔහු එම තනතුරේ ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම්දී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ ඊයේ (02) ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු බන්දුල කරුණාරත්න විශ්‍රාම පූර්ව නිවාඩු ලබා ගෙන ඇති අතර එය ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පිළිගෙන තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව නව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයෙක් පත් කරන තෙක් මෙම පත්වීම වලංගු වන බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *