හයිට් රාජ්‍යයේ අපරාධ කල්ලි විසින් සිදු කරන ප්රචණ්ඩ ක්‍රියාවල ඉහළ යාමක් සිදුවී තිබෙනවා.
පවතින තත්ත්වය සලකා බලා එරට ප්‍රදේශ කිහිපයකට ඊයේ (10) හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව එම හදිසි තත්ත්වය මාස 03ක කාලයක් සඳහා බලපැවැත්වෙන බවද එරට රජය නිවේදනය කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ වන විට අර්බුධයකට මුහුණ පා ඇති කෘෂිකර්මාන්තය හා ආහාර හිඟතාවයට ඉක්මන් විසඳුම් ලබාගැනීමට එම ක්‍රියාමාර්ගය උපයෝගී වන බවයි.