මෙරට ඉස්ලාමීය බැතිමතුන් මහත් හරසරින් සමරන හජ් උත්සවය අදට (07) යෙදී තිබෙනවා.

නබි නායකතුමාගේ ඉගැන්වීම් අනුව මුස්ලිම් ප්‍රජාව ඊද්- උල්-අල්හා හෙවත් හජ් උත්සවය සමරන්නේ සමගිය හා සාමුහිකත්වය පෙරදැරිවයි.

ඉස්ලාමීය දින දර්ශනයට අනුව දුල් හිජ්ජා මාසයේ දසවැනි දිනය හජ් උත්සවය සඳහා වෙන් කර තිබෙනවා.

එම උත්සවය සමරන්නේ අල්ලා දෙවියන් ඊබ්‍රාහිම් නබි තුමාට දුන් අණක් පිළිපැදීම සඳහා ගත් උත්සාහයක් සිහිපත් කිරීම වෙනුවෙන්.

මෙම දිනයට සමගාමීව ඉස්ලාම් දහමට අනුව පංච මහා වගකීම් වලින් එකක් වන හජ් වන්දනාව සිදු කරනු ලබනවා.

කොළඹ නගරයේ සහ දිවයිනේ පළාත් කිහිපයකම හජ් උත්සවය වෙනුවෙන් අද (07) උදෑසන ආගමික වතාවත් සිදු කිරීමට නියමිතයි.

එමෙන්ම කොළඹ මුස්ලිම් මහ පල්ලියේ හා දවටගහ ජුම්මා පල්ලියේ ද ඊට සමගාමීව ආගමික වතාවත් සිදු කිරීමට නියමිතව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *