මේ වසරේ ජූනි මස මුල් භාගයට යෙදී ඇති හජ් උත්සවය වෙනුවෙන් මක්කම වන්දනය (උම්රා) කිරීමට අධික බැතිමතුන් පිරිසක් පැමිණීම පාලනය කිරීම සඳහා රටවල් 14කට වීසා බලපත් නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට සෞදි රජය තීරණය කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ හජ් වන්දන සමය අවසන් වනතුරු බලපැවැත්වෙන පරිදි උම්රා, ව්‍යාපාරික සහ පවුල් වීසා බලපත්‍ර අත්හිටුවීමට එරට රජය පියවර ගෙන ඇති බවයි.
සෞදි අරාබි වීසා ලබාගැනීමේ අවසන් දිනය මේ මස 13 වැනිදායින් නිමාවට පත්වන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.