ඇමරිකාවේ නිව්යෝර්ක්හී හඩ්සන් ගඟට හෙලිකොප්ටරක් කඩා වැටීමෙන් ඊයේ (10) අනතුරක් සිදු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරින් හෙලිකොප්ටරයේ සිටි 6දෙනෙක් ජීවිතක්ෂයට පත්වූ බවයි.

එම යානයේ සිටි නියමුවා සහ ස්පාඤ්ඤයේ සිට පැමිණි සංචාරක පවුලක් මෙලෙස මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *