නීත්‍යානුකූලව ඉල්ලා අස්නොවී යුද, ගුවන් සහ නාවික හමුදාවෙන් පළා ගිය පුද්ගලයන් 1246ක් පසුගිය දින 21 ඇතුළත ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය සිදු කළ මෙහෙයුම්වලින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ හමුදාවෙන් පළා ගිය පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම්වලදී යුද හමුදා සේවයේ නිරත වී සිටි නිලධාරීන් 3දෙනෙක්ද අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඒ අනුව ත්‍රිවිධ හමුදාව සිදු කළ මෙහෙයුම්වලින් යුද හමුදාවේ 950ක්, නාවික හමුදාවේ 45ක් සහ ගුවන් හමුදාවේ 102ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී නිලධාරීන් තිදෙනා ඇතුළුව හමුදාවන්ට අනුයුක්තව සේවය කළ පුද්ගලයන් 1100ක් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *