හිමාල කඳුවැටියේ සිදුවූ අයිස් කඳු කඩා වැටීමකින් ඒ අසල පිහිටි ඉදිකිරීම් වැඩබිමක සේවකයක් 8 දෙනෙක් හිම සහ අයිස් කුට්ටිවලට යටවී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඒ උතුරු ඉන්දියාවේ උත්තර්කාන්ඩ් ප්‍රාන්තය ආසන්නයේදීයි.

එම අනතුරට ලක්වී ඇත්තේ උත්තර්කාන්ඩ් ප්‍රාන්තයේ මානා ගම්මානයේ පිහිටි අධිවේගී මාර්ගය ඉදි කිරීමේ වැඩබිමක් බවත්, පසුගිය සිකුරාදා සිදු වූ එම ගිරිහිම නිපාතයෙන් සේවකයන් 54 දෙනෙක් සිටි ඉදි කිරීමේ වැඩබිම මුළුමනින්ම හිම සහ අයිස් කුට්ටිවලින් යටවූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ ආපදා කළමනාකරණ කණ්ඩායම් පැය 60ක දුෂ්කර මෙහෙයුමකින් පසු හිම සහ අයිස් මත යට වී සිටි තවත් සේවකයන් 46 දෙනෙක් මුදා ගැනීමට සමත් වූ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *