හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 300ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (15) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ස්ටේස්පුර 185 වත්ත ප්‍රදෙශයේදීයි.
ග්‍රෑන්ඩ්පාස් පොලීසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 48ක් වන කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.