දකුණු කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් ප්‍රාන්තයේ පැතීරීයන හියුස් ලැව්ගින්න ඔටේ කදුකරය දක්වා ව්‍යාප්ත වී තිබෙනවා.

මේ හේතුවෙන් විශාල පිරිසක් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

පැය කිහිපයක් තුළ අක්කර 9400කට වැඩි ප්‍රමාණයක් ලැව් ගින්නෙන් විනාශ වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේ කෙසේ වෙතත් තවමත් දේපළ වලට හෝ නිවාස වලට හානි සිදුවී නොමැති බවයි.

එම ප්‍රදේශයේ පදිංචිකරුවන් 31000කට පමණ ඉවත් වන ලෙසත් දැනුම් දී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *