දිවයිනේ සියලු රෝහල් ඉදිරිපිට අද (27) පැය​ක කාලයක් විරෝධතා ක්‍රියාමාර්ගවල නිරත වන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කර තිබෙනවා.

එම සංගමයේ උප සභාපති නාලක හෙට්ටිආරච්චි සඳහන් කළේ අද දහවල් 12.00 සිට 1.00 දක්වා දහවල් කෑම පැය තුළ එම විරෝධතාවයේ නිරත වන බවයි.

අත්තනෝමතික ලෙස මෙවර අයවැය මඟින් දීමනා කප්පාදු කිරීමට විරෝධය පළකරමින් මෙම විරෝධතාවය පවත්වන බවයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *