බදුල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ දුම්රියක පාපුරුවේ ගමන් කරමින් සිටියදී ගලක ගැටී ඊයේ (19) අනතුර සිදුවී තිබෙනවා.
ඒ මහවත්තේගම ප්‍රදේශයේදීයි.
පොලීසිය සඳහන් කළේ තුවාල ලබා සිටි කාන්තාව බදුල්ල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි.
ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 53ක් වන රුසියානු ජාතික කාන්තාවක්.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව හාලිඇල පොලීසිය සඳහන් කළා.