බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ, ඌව සහ උතුරු මැද පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ බස්නාහිර පළාතෙත් ගාල්ල, මාතර, පුත්තලම සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීද වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි.

මධ්‍යම, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව ප්‍රකාශ කළා.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

එමෙන්ම එම දෙපාර්තමේන්තුව කියා සිටියේ මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවයි.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *