දකුණ, නැගෙනහිර සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.
බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, වයඹ, ඌව සහ උතුරුමැද පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව නිවේදනය කළා.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි අකුණු සහ තද සුළංවලින් වන ඇතිවිය හැකි අනතුරු අවම කරගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.