බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, දකුණු සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවලත් අද (11) පස්වරු 1.00න පමණ පසුව ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඌව පළාතෙත් සහ අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කක්වලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි.
බස්නාහිර පළාතෙත් පුත්තලම, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.