පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උසස් පෙළ විභාගය තවත් දින 03ක් නොපැවැත්වීමට තීරණය කර තිබෙනවා.

විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් විභාග කොමසාරිස් ජයසුන්දර මේ බව ප්‍රකාශ කළා.

මීට පෙර උසස් පෙළ විභාගය 26වනදා සිට 29වනදා දක්වා නොපැවැත්වීමට තීරණය කර තිබුණා.

ඒ අනුව දින 06ක නිවාඩුවකින් පසු උසස් පෙළ විභාගය දෙසැම්බර් 04වනදා ආරම්භ වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *