මේ වන විට පැවැත්වෙන අ.පො.ස උසස් පෙළ විභාගය දින 3කට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
ඒ පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන්.
විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දර සඳහන් කළේ හෙට (27) සහ 28,29 යන තෙදින අ.පො.ස උසස් පෙළ විභාගය නොපැවැත්වෙන බවයි.
ඒ අනුව එම දින 3ට නියමිත විභාගය දෙසැම්බර් 21,22,23 දිනයන්වලදී පැවැත්වීමට කටයුතු කරන බවත් එහි කාලසටහන ඉදිරියේදී ලබා දීමට බලාපොරොත්තු වන බවත් ඔහු සඳහන් කළා.