උතුරු ඉන්දියාවේ පුද්ගලයින් 07 දෙනෙකු රැගත් හෙලිකොප්ටරයක් අද (15) කඩා වැටී තිබෙනවා.
ඒ උතුරු ඉන්දියාවේ කේදර්නාත් දේවාලයේ සිට උත්තරාකන්ඩි හී ගුප්ත්කාෂි දක්වා පියාසර කරමින් තිබූ හෙලිකොප්ටරයක්.
මෙම අනතුරින් ගුවන් නියමුවා ඇතුළුව 05දෙනෙක් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඩෙහ්රාඩුන් සිට ගුවන් ගත වුණු මෙම යානය හිමාලයානු දේවාලය අසල ඉහළ උන්නතාංශ කලාපයක් වන ගෞරිකුන්ද් අසලදී ගුවන් ගමනාගමන පාලනය සමඟ සම්බන්ධතා නැතිවී ඇති බවයි.