සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් ‘ජාතික ඔසු වගා ව්‍යාපෘතියක් සහ ඔසු එකතු කිරීමේ වැඩසටහනක්’ ක්‍රියාවට නංවා තිබෙනවා.

ඒ දේශීය ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය උදෙසා වැය වන මුදල් ඉතිරි කර ගැනීමටත්, ගුණාත්මක තත්ත්වයෙන් උසස් ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය දේශීයව සපුරා ගැනීමත් අරමුණු කර ගනිමින්.

එම වැඩසටහනේ සමාරම්භය හෙට (26) පෙ.ව 10.00ට කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය “රන්දෙනිගම” ඔසු උයනේදී සිදුකිරීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සෘජු අධීක්ෂණය යටතේ එම සංස්ථාවට අයත් දිවයින පුරා පිහිටි ඔසු උයන් 3ක් වාණිජයමය ඔසු උයන් ලෙස සංවර්ධනය කිරීමට මෙම වැඩසටහන මඟින් සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *