බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

එමෙන්ම බටහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ තරමක් තද වැසි ඇති විය හැකියි.

නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව එම දෙපාර්තුමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *