අමෙරිකාවේ නිව් ජර්සි ප්‍රාන්තයේ සිට ඉන්ඩියානාපොලිස් බලා පියාසර කරමින් තිබූ ෆෙඩෙක්ස් සමාගමට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් උඩු ගුවනේදී හදිසියේම ගිනි ගැනීමට ලක්වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගුවන් යානය ඉහළ අහසට පියාසර කිරීමත් සමඟ එක් එන්ජිමක කුරුල්ලෙක් ගැටීම ගිනි ගැනීමට හේතුවී ඇති බවයි.
ගින්න හටගැනීමත් සමඟ නියමුවා වහාම ක්‍රියාත්මක වී ගුවන් යානය ගොඩ බැස්විමට සමත්වීමෙන් ජීවිත හානි වළක්වා ගැනීමට හැකිවී තිබෙනවා.