මෙරටට අවශ්‍ය ඖෂධ වර්ග 233ක් ගෙන්වීම සඳහා ප්‍රසම්පාදන ටෙන්ඩර් ක්‍රියාවලිය අවසන් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ මෙම වසරේ පළමු මාස 5 තුළදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මඟින් ඖෂධ ගෙන්වීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවසන් කර ඇති බවයි.
පසුගිය වසරේදී නියමිත කාලසීමාව තුළ ඖෂධ මිල දී ගැනීම සම්බන්ධ තීන්දු තීරණ නිසියාකාරව නොගැනීම දැනට මෙරට පවතින ඖෂධ හිඟයට හේතුව වී ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.