දිවයිනේ පවතින වියළි කාලගුණ තත්ත්වය මාර්තු 10, 11 යන දිනවල තාවකාලිකව වෙනස් වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
එමෙන්ම දිවයිනේ ස්ථාන කිහිපයක, විශේෂයෙන් නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි ඇති විය හැකියි.
රත්නපුර, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ඇති වන වැසි ස්වල්පයක් හැරුණු විට, දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව එම දෙපාර්තුමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.