ආගමන විගමන කොන්දේසි උල්ලංඝනය කරමින් මෙරට රැඳී සිටි විදේශිකයන් 08 දෙනෙක් කටුනායක පොලීසිය විසින් ඊයේ (18) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ කටුනායක, ආඩිඅම්බලම ප්‍රදේශයේ සංචාරක හෝටලයක වීසා නොමැතිව පිරිසක් රැඳි සිටින බවට 119 තොරතුරු මධ්‍යස්ථානයේ ලද පණිවිඩයක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බවයි.

එම සැකකරුවන් වයස අවුරුදු 20ත් 30ත් අතර වයස්වල පසුවන බංගලාදේශ ජාතිකයන් බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *