ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ පෙළේ නිලධාරීන් කණ්ඩායමක් ඔක්තෝබර් 2-4 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

එම කණ්ඩායමේ ප්‍රධානියා ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියානු පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා වන ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් කටයුතු කරන බවයි වාර්තා වන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායම ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අනෙකුත් නිලධාරීන් හමුවී මෙරට ආර්ථිකය සහ ආර්ථිකයේ ප්‍රතිසංස්කරණ වැඩසටහන් ගැන සාකව්ඡා කිරීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට ක්‍රියාත්මක ආර්ථික වැඩසටහන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබෙන බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *