කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් උණුසුම් කාලගුණික තත්ත්වය පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අද (02) උතුර, බස්නාහිර, වයඹ, සබරගමුව යන පළාත්වලටත් අනුරාධපුර දිස්ත්‍රික්කයටත් දැඩි හිරු රශ්මියක් පතිත වන බව එම නිවේදනයේ සඳහන්.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඉහළ සඳහන් ප්‍රදේශවල උණුසුම් දර්ශකය එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ‘අවධානය යොමු කළ යුතු’ මට්ටමක පැවතිය හැකි බවයි.

මේ සම්බන්ධව අවධානය යොමු කරමින් නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙසද එම දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *