හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 350 ක් සමඟ අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ෂෙහාන් මධුශංක රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ ජුනි 1 වනදා දක්වායි.

කුලියාපිටිය මහේස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් විසින් මෙම නියෝගය ලබාදී තිබෙනවා.

පන්නල පොලීසියට ලද තොරතුරක් මත මැයි 25 වනදා මධුශංක අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *