මෙරට ඩෙංගු රෝගීන්ගෙන් 25%ක් පමණ පාසල් වයසේ දරුවන් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

එම ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර සඳහන් කළේ පාසල්වලින් 50%ක්ම මදුරුවන් බෝවිය හැකි ස්ථාන ලෙස හඳුනාගෙන ඇති බවයි.

ඒ අනුව පාසල් පද්ධතිය පිරිසිදුව තබා ගැනීමට සිසුන් මව්පියන් හා ගුරුවරුන් විසින් වගබලා ගැනීම අතිශයින් වැදගත් කාර්යයක් බව ඩෙංගු මර්දන ඒකකය අවධාරණය කළා.

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 24,361ක් හඳුනාගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *