අල්ලස හා දූෂණය නැමති අපරාධයෙන් දේශපාලන යාන්ත්‍රණය මුදා ගැනීමට වත්මන් රජය කටයුතු කරමින් ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

ඒ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (09) පැවති ‘ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම 2025-2029’ එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින්.

එහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේ නිලධාරි යාන්ත්‍රණයද කඩිනමින් නිවැරදි මඟට පැමිණිය යුතු බවයි.

ඒ වෙනුවෙන් මාස 06ක කාලයක් මේ වන විට ලබා දී ඇති බවත් නිලධාරී යාන්ත්‍රණය නිවැරැදි නොවන්නේ නම් ලබන මැයි මාසයෙන් පසුව ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *