පොසොන් පොහොය ශ්‍රී ලාංකිකයන්ට සුවිශේෂී සිදුවීම් සමුදායක් සිදු වූ වැදගත් දිනයක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
ඔහු පොසොන් පොහොය දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ පොසොන් පොහොය දිනයෙන් ප්‍රකට කෙරෙන වටිනාකම තුළ ඉස්මතු කර දැක්විය යුතු මහ ගුණාංගයක් වන්නේ අවිහිංසාව බවයි.
අප ප්‍රාර්ථනා කරන සමාජ, ආර්ථික සහ දේශපාලන පරිවර්තනය යථාර්ථයක් කර ගත හැක්කේ ශිෂ්ට සම්පන්න සමාජයක් ගොඩනැඟීමෙන් පමණක් බවත් එම සාමුහික ප්‍රයත්නය වෙනුවෙන් සියලු දෙනා එකාවන්ව පෙළ ගැසෙන ලෙස සියලු දෙනාට ආරාධනා කරන බවත් එම පණිවිඩයේ වැඩිදුරටත් සඳහන්.