අභිනව පාප් වහන්සේ ලෙස වතිකානයේදී ඊයේ (08) පස්වරුවේ තේරී පත්වූ අමෙරිකාවේ රොබට් ප්‍රෙවොස්ට් පාප් වහන්සේ වෙත ජනාධිපති අනුර කුමාර දිසානායක සුබ පැතුම් එක් කර තිබෙනවා.

ඒ සිය නිල X ගිණුමේ සටහනක් තබමින්.

ඔබ වහන්සේගේ භූමිකාව විශාල වගකීමක් දරන අතර ඒ හරහා ලෝවාසී ජනතාවට මඟ පෙන්වීමට ශක්තිය ප්‍රාර්ථනා කරන බව එම සටහනේ මඟින් ජනාධිපතිවරයා සටහන් කර තිබෙනවා.

69වන වියේ පසුවන ලියෝ පාප් වහන්සේ ලොව 267වන පාප් වහන්සේ ලෙසයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *