ගමනාගමන ප්‍රශ්න ව්‍යුහාත්මකවත් තාක්ෂණිකවත් විසඳීමට ජනතාවට ඍජුව සම්බන්ධ වීමට අවශ්‍ය ක්‍රමයක් සකස් කරන බව ප්‍රවාහන මහාමාර්ග වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක ප්‍රකාශකළා.

ඒ ඊයේ(30) සවස ජාතික ගමනාගමන කොම්සමේදීයි.

අමාත්‍යවරයා එහිදී ගැටලු රැසක් සම්බන්ධයෙන් දීර්ඝ විමසුමක් කර තිබෙනවා.

එමෙන්ම මඟීන්ගේ ගැටලු, බලපත්‍ර ගැටලු, සේවක ගැටලු, අවසරපත්‍ර ගැටලු, සමාගම් වලට ආදායම් බෙදීයාම පිළිබඳ ගැටලු, බස් සහ අනෙකුත් වාහන වල අමතර අලංකරණ ගැටලු, ආසන පටි පැළඳීම සහ අනතුරු ආදී වශයෙන් ගැටලු රැසක් එහිදී සාකච්ඡා වී තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම අවස්ථාවට ජාතික ගමනාගමන කොමිසමේ සභාපති දිලීප විතාරණ මහතාද සහභාගීවී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *