ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලොස් ඇන්ජලීස්හි ලැව් ගින්නෙන් විනාශ වූ ප්‍රදේශවල සංචාරයක නිරත වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ලැව් ගින්නෙන් බරපතල හානි සිදු වූ ප්‍රදේශ රැසක් මෙහිදී ඇමරිකානු ජන්ධිපතිගේ නිරීක්ෂණයට ලක් වූ බවයි.
පවතින දැඩි සුළං තත්ත්වය හා වියළි කාලගුණය හේතුවෙන් ලොස් ඇන්ජලීස්හි තවදුරටත් ලැව් ගිනි පාලනය කිරීම අසීරු වී තිබෙනවා.