ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනයකට අනුව රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (06) අනුරාධපුර ශ්‍රී මහා බෝ සමිදුන් වැදපුදා ගැනීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී මහා බෝ සමිදුන් වැදපුදා ගැනීමෙන් අනතුරුව මහව – අනුරාධපුර දුරකථන සංඥා පද්ධතිය නිල වශයෙන් විවෘත කිරීම ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව නවීකරණය කරන ලද මහව – ඕමන්ත දුම්රිය මාර්ගය විවෘත කිරීමට නියමිතව තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ අනුරාධපුර සංචාරය හේතුවෙන් අද අනුරාධපුර නගරය ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *