ඉන්දියාවේ පාසල් 40කට අධික සංඛ්‍යාවක් තාවකාලිකව වසා තැබීමට පියවර ගෙන තිබෙනවා.
ඒ බෝම්බ තර්ජන සම්බන්ධයෙන් ලද තොරතුරු හේතුවෙන්.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊයේ (08) රාත්‍රී කාලයේ සහ අද (09) උදෑසන විද්‍යුත් ලිපි මාර්ගයෙන් මෙම බෝම්බ තර්ජන එල්ල කර ඇති බවයි.
ඒ අනුව එරට පොලීසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර අද උදෑසන පාසල් වෙත පැමිණ තිබූ ළමුන් කඩිනමින් නිවෙස් කරා යොමුකර පරීක්ෂා කිරීම් ආරම්භ කිරිමට ද ඔවුන් කටයුතු කර තිබෙනවා.