ඉන්දීය රජයේ 2025 අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 1,032ක් පමණ වන බව වාර්තා වන්නේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ පසුගිය වසරේදී ඉන්දීය අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 245ක මුදලක් වෙන් කර තිබූ බවයි.
ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා මෙවර ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්කර තිබෙනවා.
2025 වසර සඳහා ඉන්දීය අයවැය ඊයේ (01) මුදල් ඇමතිනි නිර්මලා සීතාරාමන් විසින් එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.