හෝටලයක සාදයක් පැවැත්වූ පුද්ගලයන් 57 ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය සදහන් කර තිබෙනවා.

ඒ පමුණුගම උස්වැටකෙයියාව පරණ අම්බලම ප්‍රදේශයේදීයි.

නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිත කරමින් ඉන්ස්ටග්‍රෑම් සාදයක් පවත්වන බවට පමුණුගම පොලිස් ස්ථානයට ලැබුණු
තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හා සැකකාරියන් අවුරුදු 18ත් 35 අතර වයස්වල පසුවන කොළඹ තදාසන්න ප්‍රදේශවල පදිංචිකරුවන්.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව පමුණුගම පොලීසිය සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *